කල්පාන්තය.... කවුරුත් දන්න විදිහට කියනවානම් ලෝක විනාසය වෙන්නත් අර මායාවරු කිව්වයි කියන විදිහට තව වැඩි කාලයක් නැති එකේ හිතේ තියෙන දේවල් ලියලා තියන්නය කියලා හිතලා ඔන්න මමත් බ්ලොග් එකක් පටන් ගත්තා....
අවුරුදු ගානක ඉඳලා එක එක විදිහේ බ්ලොග් කියෙව්වට කවදාවත් එකක් ලියන්න ඕන කියල තියා දෙතුන් පාරකට වඩා කොමෙන්ට් කොරලාවත් නෑ මගෙ හිතේ...
වෙලාවක් නැතිකම කියනවට වඩා සධාරණ ඕන කමක් තිබ්බෙ නෑ කියන එක තමයි ඉතින්..
හැබෑටම මොකද ඔය එන මාසෙ වෙනවාය කියන්නෙ?
අර අවුරුද්දකට දෙකකට විතර කලින් ආව 2012 ෆිල්ම් එකේ තිබුන හැටියට නම් මුහුද ගොඩ ගලලා තමයි ලෝකෙ ඉවර වෙන්න ඕන. ෆිල්ම් එක ජනප්‍රිය කරගන්න පතුරවපු ගොසිප් එකකට මායා කැලැන්ඩරේ 2012 න් ඉවර වෙන කතාවත් අල්ලගෙන ලෝකෙම කඩේ ගියා කියලා දැන් නම් ගොඩක් අය තේරුම් අරන් වගේ. ඒත් තවමත් ඔක ගැන විස්වාසයක් තියාගෙන ඉන්න අයත් නැත්තෙම නෑ..
ඒක කොහොම වුනත් මෑතකදි පැතිරුනු තවත් කතාවක්ක් තමයි දෙසැම්බර් 23,24 සහ 25 කියන දවස් වල ලෝකය සහමුලින්ම කළුවරේ තියනවාය කියන එක.එහෙම නැත්තම් "Total Blackout" එකක්.
එහෙම වෙන්න හේතුව විදිහට කියවුනේ විශ්වයේ සියළු වස්තූන් යම් ආකාරයකට එක එල්ලේ පිහිටීම (Universal Alignment) නිසා මේක වෙනවාය කියන එක. ඒත් නාසා එකේ අය කියන විදිහට නම් එහෙම කිසිම දෙයක් වෙන්නෙ නෑලු. අනිත් එක ඔය Align වීම නිතරම වෙන දෙයක්ලු. මීට කලින් 1962,1982 සහ 2000 මේ විදිහෙ ග්‍රහ ලෝක එක එල්ලේ පිහිටීම් වෙලා තියෙනවලු. සාමාන්‍යයෙන් සෑම දෙසැම්බරයකදීම පොලොව සහ හිරු ක්ෂීරපථයේ ඒ කියන්නෙ අපේ මන්දාකිනියේ හරි මැදත් එක්ක ආසන්න වශයෙන් එක එල්ලේ පිහිටන එක සාමාන්‍ය දෙයක්ලු.
මේ කතාව දැන් හැමෝම පට්ට ගහලා එපා වෙලා තියෙන කතාවක්නෙ... තවත් කියන්න ඕන නෑ...
කොහොම වුනත් මේ අවුරුද්ද්ත් වෙනදා වගේම ගෙවිලා යාවි වගේ. එහෙම වුනොත් ඉතින් දිගටම බ්ලොග් එකේ මොන මොනවා හරි ලියන්න තමයි හිතාගෙන ඉන්නෙ.
එහෙනම්.... පටන් ගැන්මට පලවෙනි සුභ පැතුම්......
ගිහින් එන්නම්.....

No comments:
Post a Comment