Friday, December 7, 2012

මචු පිචු






උඩින් තියෙන පින්තූරෙ දිහා බලලා කියන්න පුලුවන්ද මුහුදු මට්ටමේ ඉඳලා කොච්චර උසකින්ද ඉන්නෙ කියලා. සමහරු නම් අනිවා කියාවි. ඒ තරමටම ප්‍රසිද්ධ තැනක්. විශේෂයෙන් පහු ගිය කාලෙ ඔතන ගැන ගොඩක් කත බහට ලක් වුනා. 

උස මුහුදු මට්ටමේ ඉඳලා මීටර 2430 ක්. නිවර්තන කඳුකර වනාන්තරයක තියන සුන්දරත්වය කිසිම අඩුවක් නැතිව විඳින්න පුලුවන් තැනක්. කවුරුත් දන්න ඇමේසන් නදියේ ආරම්භය සිද්ධ වෙන්නෙ මේ කඳු අතරේ. ඇමේසන් කිව්වාම ඉතින් සැඟවුනු අබිරහස් වගේම සොබා සෞන්දර්ය ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ. මේ කියන අන්දීස් කඳුකරයත් ඒවගේම තමයි

කොහොම වුනත් මෙතන ලබාගෙන තියෙන ප්‍රසිද්ධියට මේ සුන්දරත්වයට වඩා දෙයක් හේතුවෙලා තියෙනවා. ඔය පින්තූරෙ දකුණු පැත්තෙ කොටසින් පේන දේවල් තමයි ඒ. ඔය පේන්නෙ ලෝක ප්‍රසිද්ධ "මචු පිචු" ඉන්කා ශිෂ්ඨාචාරයේ නගර නිර්මාණ වල නටඹුන්.


1438 ඉඳලා 1553 විතර වෙනකම් බොහොම දියුණු තත්වයක පැවතුනාය කියන ඉන්කා රාජධානියේ නගර නිර්මාණ ලක්ෂණ වල විශිෂ්ඨත්වය නිසාම මේ නටඹුන් ලෝක උරුමයක් විදිහට විතරක් නෙවෙයි නව ලෝක පුදුම වලින් එකක් විදිහටත් නම් කරලා තියෙනවා. ඒ වගේම සංචාරක ආකර්ශනය අතින් ඉහලම ස්ථානයක් හිමි වන තැනක්.





මචු පිචු නටඹුන් කොටස් දෙකකට බෙදන්න පුලුවන්. නගරය සහ ගොවිබිම් ව්දිහට. මේ දෙක වෙන් කරන්න විශාල පවුරක් තිබිලා තියෙනවා.නගර මධ්‍යයේ තියෙන ගොඩනැගිලි Ashlar කියන ගෘහ නිර්මාණ ශිල්පයේ දියුණුම අවස්ථාවක් කියලයි පුරාවිද්‍යාඥයො කියන්නෙ. Ashlar කියන්නෙ කලු ගල් කුට්ටි බදාමයක් නැතිව එකිනෙක සම්බන්ධ කරලා කරන ඉදිකිරීම් ශිල්පයට. මේ ගල් කුට්ටි අතරට සියුම් පිහි දාරයක් රිංගවන්නවත් ඉඩක් නැතිව මනාව සම්බන්ධ කරලා තියෙනවා.ඒ වගේම පේරු කියන්නෙ ගිනි කඳු ක්‍රියාකාරීත්වය ඉහල ප්‍රදේශයක්. බදාමෙන් කරපු ඉදිකිරීම් වලට වඩා මේ ඉදිකිරීම් භූ කම්පන වලට ඔරොත්තු දෙන බවත් සොයාගෙන තියෙනවා.

ඉන්කාවරු මේ ඉදිකිරීම්වලදි රෝදය පාවිච්චි කරලා නෑ කියන එක විවාදාත්මක මතයක්. රෝදය සොයාගැනීම මානව ශිෂ්ඨාචාරයේ දියුණුවට ලොකු මෙහෙයක් ඉටු කලාද කියන එක ගැටලුවක් නොවුනත් මේ ප්‍රදෙශයේ තියෙන භූ විශමතාවයත් එක්ක ලීවර භාවිතය ඊට වඩා ප්‍රායොගික වෙන්න ඇති කියන එකයි විද්වත් මතය වෙලා තියෙන්නෙ. 






නටඹුන් වල පුරාවිද්‍යාත්මක වටිනාකම වගේම නෙත් පැහැර ගන්න වශීකෘත සොබා සෞන්දර්යය නිසාම බලන්න වටින තැනක් කියලා නම් අවිවාදයෙන් කියන්න පුලුවන් තැනක් තම පේරුහි මචු පිචු.